කෝවිඩ්-19 එන්නත්

එන්නත මගින් අපට COVID-19 ඇති කරන වයිරසයෙන් ආරක්‍ෂා කරයි. ඕස්ට්‍රේලියාවේ සිටින වයස අවුරුදු 5 සහ ඊට වැඩි සෑම අයෙකු හටම COVID-19 එන්නත නොමිළේ ලබා ගැනීමට දිනයක් වෙන්කර ගත හැකිය.

COVID-19 එනනත් සම්බන්ධයෙන්

ඕස්ට්රේලියාවේ සිටින වයස අවුරුදු 5 සහ ඊට වැඩි අය විසින් දැනට එන්නත ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කර ගත හැකිය.

සායනයක් සොයා දිනයක් වෙන්කර ගන්න

ඕස්ට්රේලියාවේ සිටින සියළු අයට COVID-19 එන්නත් නොමිළේ ලබාගත හැක. මේ අය අතරට මෙඩිකෙයාර් කාඩ්පතක් නැති අය, විදේශ සංචාරකයන්, ජාත්‍යන්තර සිසුන්, සංක්‍රමණ සේවකයන් සහ සරණාගතයන් සිටී. එන්නත ලබා ගැනීම මගින් ඔබ, ඔබගේ පවුලේ උදවිය සහ ඔබගෙ ප්‍රජාව වෙතින් ආරක්‍ෂා කර ගැනීමට උපකාරවේ.

ඕස්ට්රේලියානු රජය එන්නත අනිවාර්ය කර නැති අතර ඔබට COVID-19 ආසාදනයට එරෙහිව එන්නත ලබා නොගැනීමට තීරණය කල හැකිය

සමහර ප්‍රාන්ත සහ මහජන සෞඛ්‍යය නියෝග මගින් සමහර තත්වයන් යටතේ එන්නත අනිවාර්ය කල හැක. උදාහරණ වශයෙන්, සමහර රැකියා සහ සමහර ප්‍රජා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්.

එන්නත් ආරක්‍ෂාකාරීවේ

COVID-19 එන්නත් ආරක්‍ෂාකාරී වන අතර ජීවිත ආරක්‍ෂාකර දෙයි. ඕස්ට්‍රේලියාවේ චිකිත්සීය භාණ්ඩ අධිකාරිය (TGA) මගින් එන්නතෙහි ආරක්‍ෂාව සග අතුරු ආබාධ දිගටම සමීපව නියාමනය කරයි.

ඕස්ට්‍රේලියාවේ ඇති සෑම එනනත් වර්ගයක් සම්බන්ධයෙන්ම වැඩිදුර ඉගෙන ගන්න:

ඔබගේ සිරුරට වයිරසය ඇතුළු වුවහොත් COVID-19 එන්නත මගින් ඔබගේ සිරුරට එය ඉවත් කල හැකි ආකාරය උගන්වයි.

ඔබගේ එන්නතට පසු කිසියම් ප්‍රශ්නයක් හෝ කණස්සල්ලක් තිබේ නම්, ඔබගේ එන්නත් සායනය හෝ වෛද්‍යවරයා සමඟ සම්බන්ධ වන්න.

ඔබගේ එන්නතට පසු කුමක් අපේක්‍ෂා කල හැකිද යන්න සම්බන්ධයෙන් වැඩිපුර ඉගෙන ගන්න.

එන්නත ලබා ගත යුතු අය

වයස අවුරුදු 5 සහ ඊට වැඩි සියළුම දෙනා COVID-19 ආසාදනයට එරෙහිව එන්නත ලබා ගත යුතුය.

COVID-19 එන්නතක් ලබා ගැනීම මගින් ඔබව COVID-19 හේතුවෙන් දරුණු ලෙස රෝගාතූරවීමෙන් හෝ මිය යාමෙන් ආරක්‍ෂා කරයි.

එන්නතක් ලබා ගැනීම මගින් වයිරසය පැතිරීම අඩු කිරීම මගින් ඔබ අවට සිටින අයවද ආරක්‍ෂා කරයි.

ඔබගේ COVID-19 එන්නත සමඟ යාවත්කාලීනව සිටීම සඳහා, ඔබගේ වයසට සහ සෞඛ්‍යය තත්වයට සරිලන සියළුම නිර්දේශිත මාත්‍රා ලබා ගත යුතුය.

2022 සැප්තැම්බර් 5 වන දින සිට දරුණු ලෙස ප්‍රතිශක්තිය හීනවී ඇති, නැතිනම් COVID-19 ආසාදනයේ අවධානම දැඩි ලෙස වැඩි කරන ආබාධිතබවක් ඇති, නැතිනම් සංකීර්ණ සහ/හෝ රෝගී තත්වයන් ගණනාවක් ඇති වයස මාස 6 සිට අවුරුදු 4 අතර අතර සමහර ළමුන් හට COVID-19 එන්නත ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇත.

දින වෙන්කර ගැනීම් ලඟදීම ලබා දෙනු ඇත. දිනයක් නියම කර ගැනීම සඳහා තවම ඔබගේ වෛද්‍යවරයා ඇමතීමෙන් වළකින්න. දින වෙන්කර ගැනීම් ආරම්භ කල පසු අප ඔබට දැනුම් දෙන අතර ඒවා පිළියෙල කර ගන්නා ආකාරය කියා දෙනු ඇත.

වයස මාස 6 සහ අවුරුදු 4 අතර ළමුන් විසින් පහත ආකාරයට මාත්‍රා ලබා ගත යුතුය:

  • COVID-19 එන්නතෙහි 1 සහ 2 වන ප්‍රාථමික මාත්‍
  • ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය දරුණු ලෙස හීනවී ඇතිනම්, 3 වන ප්‍රාථමික මාත්‍රාව.

වයස අවුරුදු 5 සහ 11 අතර ළමුන් සියළු දෙනා විසින් පහත ආකාරයට මාත්‍රා ලබා ගත යුතුය:

  • COVID-19 එන්නතෙහි 1 සහ 2 වන ප්‍රාථමික මාත්‍
  • ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය දරුණු ලෙස හීනවී ඇතිනම්, 3 වන ප්‍රාථමික මාත්‍රාව.

වයස අවුරුදු 12 සහ 15 අතර ළමුන් සියළු දෙනා විසින් පහත ආකාරයට මාත්‍රා ලබා ගත යුතුය:

  • COVID-19 එන්නතෙහි 1 සහ 2 වන ප්‍රාථමික මාත්‍
  • ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය දරුණු ලෙස හීනවී ඇතිනම්, 3 වන ප්‍රාථමික මාත්‍රාව.
  • පහත අවස්ථාවල COVID-19 එන්නතෙහි බූස්ටර් මාත්‍රාවක්:
    • දරුණු ලෙස ප්‍රතිශක්තිකරණය හීනවී ඇතිනම්
    • සැලකිය යුතු සහ සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතාවයන් ඇතිව ආබාධිතව සිටීනම්
    • දරුණු ලෙස COVID-19 ආසාදනයවීමේ වැඩි අවධානමක් ඇති සංකීර්ණ සහ/හෝ රෝගී තත්වයන් ගණනාවක් ඇතිනම්.

ඔබගේ දරුවා විසින් බූස්ටර් මාත්‍රාවක් ලබාගත යුතුද යන්න පැහැදිලි නැතිනම් ඔබගේ වෛද්‍යවරයා සමඟ කථා කරන්න.

වයස අවුරුදු 16 සහ ඊට වැඩි සෑම අයෙකු විසින්ම, පහත ආකාරයට එන්නත් ලබාගත යුතුය:

  • COVID-19 එන්නතෙහි 1 සහ 2 වන ප්‍රාථමික මාත්‍
  • ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය දරුණු ලෙස හීනවී ඇතිනම්, 3 වන ප්‍රාථමික මාත්‍රාව
  • COVID-19 එන්නතෙහි බූස්ටර් මාත්‍රාවක්.

හතරවන මාත්‍රා

දරුණු ලෙස රෝගාතුරවීමේ වැඩි අවධානම ඇති අය සඳහා සිය පළමු බූස්ටර් මාත්‍රාවට මාස 3 කට පසුව COVID-19 එන්නතෙහි අමතර බූස්ටර් මාත්‍රාවක්, නැතිනම් හතරවන මාත්‍රාවක් නිර්දේශ කරයි.

දරුණු ලෙස ප්‍රතිශක්තිකරණය හීනවී ඇති, වෙනත් රෝගී තත්වයක් හෝ ආබාධිතබවක් ඇති අය සඳහා මෙය පස්වන මාත්‍රාවකි.

පහත අවස්ථාවල ඔබ විසින් හතරවන මාත්‍රාව ලබාගත යුතුය:

  • වයස අවුරුදු 50 හෝ ට වැඩි
  • වයෝවෘද්ධ රැකවරණ හෝ ආබාධිත රැකවරණ පහසුකමක සිටින අයෙකු
  • දරුණු ලෙස ප්‍රතිශක්තිකරණය හීනවී ඇතිනම් (මෙය පස්වන මාත්‍රාවකි)
  • වයස අවුරුදු 50 සහ ඊට වැඩි Aboriginal හෝ Torres Strait Islander
  • COVID-19 අසනීපයේ අවධානම දරුණු ලෙස වැඩි කරන වයස අවුරුදු 16 සහ ඊට වැඩි රෝගී තත්වයක් තිබෙන අය
  • වයස අවුරුදු 16 සහ ඊට වැඩි ආබාධිතබවක් හෝ සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා ඇති අය.

වයස අවුරුදු 39 සිට 40 අතර අය හට අවශ්‍ය නම් හතරවන මාත්‍රාවක් ලබාගත හැකිය.

ඔබ විසින් හතරවන මාත්‍රාවක් ලබාගත යුතුද යන්න පැහැදිලි නැතිනම්, ඔබගේ වෛද්‍යවරයා සමඟ කථා කරන්න.

ඔබට COVID-19 ආසාදනය ඇති බවට පරීක්‍ෂණයකින් සනාථවී ඇතිනම්, ඔබගේ මීළඟ COVID-19 එන්නත් මාත්‍රාව ලබා ගැනීමට පෙර COVID-19 ආසාදනය ඇතිවී මාස 3 ක් බලා සිටීම නිර්දේශ කරයි.

සිය බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු COVID-19 ආසාදනය ඇතිවූ අය විසින් හතරවන මාත්‍රාවක් ලබා ගැනීමට පෙර අවම වශයෙන් මාස 3 ක් බලා සිටිය යුතුය.

COVID-19 එන්නත සමඟ යාවත්කාලීනව සිටීම වැදගත්වේ. විවිධ අය හට විවිධ අවස්ථාවලදී විවිධ COVID-19 එන්නත් ලබා ගැනීම අවශ්‍ය විය හැකිය. යාවත්කාලීනව සිටීම සඳහා ඔබ සහ ඔබගේ පවුලේ අය කුමක් කල යුතුද යන්න සම්බන්ධයෙන් ඔබගේ සෞඛ්‍යය රැකවරණ සපයන්නා සමඟ කථා කරන්න.

ළමුන්

ළමුන් හට COVID-19 එන්නත් ආරක්‍ෂාකාරීවේ.

එන්නත ලබා ඇති දරුවන් විසින් සිය බාල සහෝදර සහෝදරියන්, මුතුන් මිත්තන්, සහ පුළුල් ප්‍රජාව වෙත වයිරසය පැතිරවීම වැළැක්විය හැකිය.

ළමුන් සහ තරුණ අය සඳහා COVID-19 එන්නත් සම්බන්ධයෙන් වැඩිපුර ඉගෙන ගන්න.

ගර්භනී සහ මව් කිරි ලබාදෙන කාන්තාවන්

ඔබ ගර්භනී නම්, මව් කිරි ලබාදෙන්නේ නම් හෝ ගර්භනී වීමට බලාපොරොත්තු වන්නේ නම්, COVID-19 එන්නත් ආරක්‍ෂාකාරීවේ. ඔබට ගර්භනී බවේ ඕනෑම අවස්ථාවක එන්නත ලබාගත හැකිය.

ගර්භනීබව, මව් කිරි ලබාදීම සහ COVID-19 එන්නත්ස ම්බන්ධයෙන් වැඩිපුර ඉගෙන ගන්න.

ආබාධිත පුද්ගලයින්

ආබාධිත පුද්ගලයින් විසින් COVID-19 ආසාදනය හේතුවෙන් දැඩි ලෙස රෝගාතූරවීමේ අවදානම ඇති නිසා එන්නත ලබාගත යුතුය.

ඔබට වැඩිපුර උපකාර අවශ්‍ය නම්, දුරකථන අංක 1800 643 787 ඔස්සේ ඩිසබිලිටි ගේට්වේ හෙල්ප්ලයින් ඇමතිය හැකිය. ඔවුන් විසින් ඔබ වෙනුවෙන් දිනයක් වෙන්කල හැකිය.

 ඔබට භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය නම්, දුරකථන අංක 131 450 ඔස්සේ භාෂා පරිවර්තන සහ තෝල්ක සේවාව අමතා, ඩිසබිලිටි ගේට්වේ වෙත දුරකථනයෙන් අමතන ලෙස ඉල්ලා සිටින්න.

පවතින රෝග තත්වයන් ඇති අය

පවතින රෝග තත්වයන් ඇති අය විසින් COVID-19 ආසාදනය හේතුවෙන් දැඩි ලෙස රෝගාතූරවීමේ අවදානම ඇති නිසා එන්නත ලබාගත යුතුය.

ඔබගේ සෞඛ්‍යය රැකවරණ සපයන්නා සමඟ ඔබගේ තත්වයට සරිලන හොඳම එන්නත සම්බන්ධයෙන් කථා කරන්න.

එන්නත ලබා ගත හැකි ස්ථාන

පහත ස්ථානවලදී COVID-19 එන්නත ලබා ගත හැකිය:

  • කොමන්වෙල්ත් එන්නත් මධ්‍යස්ථාන
  • හභාගි වන සාමාන්‍ය වෛද්‍ය සායන
  • Aboriginal Controlled Community Health Services (ඇබොරිජිනල් මගින් පාලනය වන ප්‍රජා සෞඛ්‍යය සේවා)
  • ප්‍රාන්ත සහ ටෙරිටරි එන්නත් මධ්‍යස්ථාන, සහ
  • සහභාගිවන ෆාමසි.

පවුලේ වෛද්‍යවරයා විසින් එන්නත සම්බන්ධයෙන් අය කිරීමක් කල නොහැක.

ඔබට ආසන්නම එන්නත් සායනය සොයා ගැනීම සහ දිනයක් වෙන්කර ගැනීම සඳහා එන්නත් සායන සොයනය භාවිතා කරන්න. ඔබගේ එන්නත ලබා ගන්නා අවස්ථාවේ දුරකථන හෝ අදාල ස්ථානයේ භාෂා පරිවර්තන සේවාවක් අවශ්‍ය නම්, දුරකථන අංක 131 450 ඔස්සේ පරිවර්තන සහ තෝල්ක සේවාව අමතන්න.

ඔබට මෙඩිකෙයාර් කාඩ් පතක් නැතිනම්

ඔබට මෙඩිකෙයාර් කාඩ්පතක් නැතිනම්, පහත ස්ථානවලින් ඔබට එන්නත නොමිළේ ලබාගත හැකිය:

  • කොමන්වෙල්ත් එන්නත් මධ්‍යස්ථාන
  • ප්‍රාන්ත හෝ ටෙරිටරි එන්නත් සායන
  • සහභාගිවන ෆාමසි.

ඔබගේ COVID-19 එන්නතට පෙර

ඔබ දැනටමත් දිනයක් වෙන්කර නොමැතිනම්, දැන්ම දිනයක් වෙන්කර ගන්න.

සායනයක් සොයා දිනයක් වෙන්කර ගන්න

ඔබට Medicare කාඩ්පතක් ඇතිනම්, පහත ආකාරයට ඔබගේ විස්තර යාවත්කාලීනද බලන්න:

ඔබගේ හමුවට පෙර හෝ ඔබ වෙන අයෙකු වෙනුවෙන් එන්නත් තීරණයක් ගන්නේ නම්, කැමැත්ත ලබාදීමේ පෝරමයක් සම්පූර්ණ කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය.

කැමැත්ත ලබාදීමේ පෝරමය කියවන්න.

වයස අවුරුදු 5 සිට 11 අතර ළමුන් සඳහා වන තොරතුරු සහ කැමැත්ත ලබා දීමේ පෝරමය කියවන්න.

ඔබගේ COVID-19 එන්නතට පසුව

ඔබගේ එන්නතට පසුව අවම වශයෙන් මිනිත්තු 15 ක් යන තුරු විරළ අසාත්මිකතා ප්‍රතිචාරයක් ඇතිවේද යන්න බැලීම සඳහා ඔබව නියාමනය කරනු ඇත, ඔබට එන්නත ලබාදෙන අය හට ක්‍ෂණික ප්‍රතිචාරවලට මුහුණ දීමට පුහුණු කර ඇත.

සාමාන්‍යයෙන් COVID-19 එන්නත් හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ සුළු වන අතර දින 1 සිට 2 අතරදී පහවී යයි. බහුල අතුරු ආබාධ අතර පහත ඒවා ඇත:

  • අතෙහි ඉදිකටුව ගිය ස්ථානයේ ඉදිමුවක්
  • වෙහෙසකර බව
  • හිසරදය
  • මාංශ පේශි රුදාව
  • උණ සහ සීතල බව.

ඕනෑම බෙහෙතක් හෝ එන්නතක් මෙන්ම, විරළ හෝ නොදන්නා අතුරු ආබාධ තිබිය හැකිය. දරුණු අතුරු ආබාධ ඇති බවට ඔබ සිතයි නම්, ඔබගේ සෞඛ්‍යය රැකවරණ සපයන්නා, හෝ ජාතික කොරෝනා වයිරස් උපකාරක අංකය සමඟ සම්බන්ධ වන්න.

1800 020 080

ඔබට භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය නම්, ජාතික කොරෝනා වයිරස් උපකාරක අංකය අමතා 8 වන විකල්පය තෝරා ගන්න.

එන්නත සම්බන්ධ සාක්‍ෂි

ඔබගේ COVID-19 ප්‍රතිශක්තිකරණ ඉතිහාසය සම්බන්ධ ප්‍රකාශනය වෙත ප්‍රවේශවීම මගින් ඔබගේ එන්නත් සම්බන්ධ සාක්‍ෂි ලබාගත හැකිය.

පහත අකාරයට ඔබගේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසය සම්බන්ධ ප්‍රකාශනය ලබා ගත හැකිය:

ඔබට Medicare කාඩ් පතක් නැතිනම්, හෝ ඔබගේ myGov ගිණුම වෙත ප්‍රවේශය නැතිනම්, පහත ආකාරයට ඔබගේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසය සම්බන්ධ ප්‍රකාශනය ලබා ගත හැකිය:

  • ඔබගේ එන්නත් ලබා දෙන අයගෙන් ඔබට මුද්‍රිත පිටපතක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම මගින්, හෝ
  • දුරකථන අංක 1800 653 809 ඔස්සේ (සදුඳා සිට සිකුරාදා දක්වා පෙව 8 - පව 5 දක්වා AEST) Australian Immunisation Register විමසීම් මාර්ගය අමතා තැපැල් මගින් ඔබගේ ප්‍රකාශනය ඔබ වෙත ඉල්ලා සිටීම මගින්. තැපෑලෙන් පැමිණීමට දින 14 තෙක් කාලයක් ගතවනු ඇත.

ඔබගේ COVID-19 එන්නත් සම්බන්ධ සාක්‍ෂි ලබා ගැනීම සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා Services Australia website වෙත පිවිසෙන්න.

විශ්වාසනීය තොරතුරු සඳහා යා යුතු තැන්

COVID-19 සහ COVID-19 එන්නත් වැඩසටහන සම්බන්ධයෙන් විශ්වාසනීය සහ නිල මාර්ග ඔස්සේ දැනුවත්ව සිටීම වැදගත්වේ.

COVID-19 එන්තට අදාල පොදු ප්‍රශ්නවලට පිළිතුරු භාෂා 63 කින් ලබාගත හැකිය.

විවිධ භාෂාවලින් COVID-19 එන්නත පිළිබඳ තොරතුරු ගොනු අඩංගුවී ඇත.

ඔබගේ භාෂාවෙන් COVID-19 සම්බන්ධ තොරතුරු කියවන්න.

සම්පත් (Resources)

Help us improve health.gov.au

If you would like a response please use the enquiries form instead.