පරීක්ෂා කළ යුතු කුමන අවස්ථාවේදීද
ඔබට COVID-19 රෝග ලක්ෂණ තිබේ නම් ඔබ ඒ සඳහා පරීක්ෂාවක් කරවා ගත යුතුය.
COVID-19 පරීක්ෂණ වර්ග
ඔබට COVID-19 වෛරසය ඇති බවට සොයා ගතහොත් කළ හැකි පරීක්ෂණ වර්ග 2ක් තිබේ:
- රැපීඩ් ඇන්ටිජන් ස්වයං පරීක්‍ෂා (RATs)
- පොලිමෙරස් චේන් රියැක්ෂන් (PCR, හෝ RT-PCR)
COVID-19 පරීක්ෂණ ක්‍රියා කරන ආකාරය ගැන දැනගන්න.
පරීක්ෂාවක් සිදු කර ගැනීමට යා හැකි ස්ථාන
ඔබට නිවසේදී RAT පරික්ෂාවක් සිදු කර ගත හැකිය. ප්‍රධාන සුපිරි වෙළඳසැල් සහ සමහර පෙට්‍රල් ස්ටේෂන් ඇතුළු ඖෂධශාලා, හෝ සිල්ලර වෙළඳසැල්වල මෙම පරීක්ෂණ කට්ටල අලෙවි කරයි.
පහත දේවල් ගැන මාර්ගෝපදේශය කියවන්න:
PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමට, ඔබට යොමු කිරීමක් සඳහා ඔබේ වෛද්‍යවරයා සම්බන්ධ කරගත යුතු අතර එසේ නැතහොත් ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ තිබේ නම් COVID-19 පරීක්ෂණ සායනයක් වෙත යා යුතුය.
ඔබ අසළ ඇති පරීක්ෂා කිරීමේ සායන ලැයිස්තුවක් ගැන දැන ගැනීමට ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යන්න.