The government is now operating in accordance with the Guidance on Caretaker Conventions, pending the outcome of the 2025 federal election.

ඔබ සහ අනෙක් අය COVID-19 රෝගයෙන් ආරක්ෂා කර ගැනීම

ඔබ සහ ඔබ අවට සිටින පුද්ගලයින් ආරක්ෂිත බවට තහවුරු කර ගැනීම සඳහා ඔබට ගත හැකි පියවර තිබේ.

එන්නත් ලබා ගන්න

COVID-19 එන්නත් මගින් ඔබට COVID-19 හේතුවෙන් ඇති වන බරපතළ ලෙස රෝගී වීමෙන් වැඩි ආරක්ෂාවක් ලබා දෙනු ඇත. එන්නත් කළ යුත්තේ කවුද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශන කණ්ඩායම (ATAGI) විසින් කරනු ලබන නිර්දේශ අපි අනුගමනය කරමු.

ඔබේ එන්නත් යාවත්කාලීනව තබා ගැනීමෙන් ඔබට හොඳම ආරක්ෂාව ලැබෙනු ඇත.

එන්නත් කිරිමට හමු වීමක් වෙන් කර ගන්න

අවශ්‍ය අවස්ථාවල මුඛ ආවරණයක් පළදින්න

මුඛ ආවරණයක් පැළඳීමෙන් ඔබවත් ඔබ අවට සිටින අයත් ආරක්ෂා වේ.

මුහුණු ආවරණ, වෛරස වාතය මගින් පැතිරීම වළක්වාලයි. එනම්, පැතිරෙන වෛරස ඔබව ආක්‍රමණය කිරීමේ හෝ ඔබ විසින් වෛරසය පැතිරවීමේ අවදානම අඩුය.

ඔබ විසින් මුඛ ආවරණයක් පැළඳිය යුත්තේ කවර අවස්ථාවකද යන්න පිළිබඳ ප්‍රාන්ත සහ ප්‍රාදේශීය සීමාවන්ට වෙනත් නියෝග තිබිය හැක. නවතම උපදේශන සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය බලන්න.

පහත අවස්ථාවලදි මුඛ ආවරණයක් පැළඳීම යහපත් වේ:

  • පොදු වාහන, සායන සහ රෝහල් ඇතුලු අභ්‍යන්තර පොදු ප්‍රදේශවලදී
  • අනෙක් අයගෙන් ශාරීරිකව දුරස් විය නොහැකි අවස්ථාවල
  • ඔබ රෝගයට ධනාත්මක වී ඇතිනම් හෝ ඔබට COVID-19 ඇති බව සිතන අවස්ථාවක ඔබට අනෙක් අය සමග සිටින්නට සිදු වී ඇති විට.

මුහුණු ආවරණය නිසි ලෙස පැළඳීමට නම් ඔබ විසින් පහත දේ කළ යුතුය:

  • එය පැළඳීමට සහ ඉවත් කිරීමට පෙර අත් සෝදා ගැනීම හෝ සැනිටයිස් කර ගැනීම
  • එමගින් ඔබේ නාසහ සහ මුඛය නිසි ලෙස ආවරණය වන බවටත් එය ඔබේ නිකට යටින් හොඳින් සවි වන බවටත් වග බලා ගැනීම
  • මුහුණු ආවරණය පැළඳීමේදී හෝ ඉවත් කිරීමේදී එහි ඉදිරිපස ඇල්ලීමෙන් වැළකිම
  • එය නියමිත ආකාරයට පැළඳගන්න - එය බෙල්ල වටේ හෝ නාසය යටින් දමා නොගන්න
  • සෑම අවස්ථාවකම අළුත්, එක වරක් පමණක් භාවිතා කරන මුඛ ආවරණයක් පළඳින්න
  • නැවත භාවිතා කළ හැකි මුඛ ආවරණ, භාවිතා කිරීමෙන් පසුව සෝදා, වියලා, පිරිසිදු වියළි ස්ථානයක තබන්න.
Date last updated:

Help us improve health.gov.au

If you would like a response please use the enquiries form instead.