COVID-19 බූස්ටර් මාත්‍රා උපදෙස්

COVID-19 එන්නත් බූස්ටර් මාත්‍රා, ඒවා නිර්දේශ කරන්නේ කා සඳහාද, සහ ඔබ විසින් ලබා ගත යුත්තේ කවදාද සහ ලබා ගන්නා ආකාරය සම්බන්ධ වැඩිපුර තොරතුරු ඉගෙන ගන්න.

COVID-19 ආසාදනයෙන් දරුණු ලෙස රෝගාතුරවීම හෝ මරණයෙන් බේරීම සඳහාහොඳම ආරක්‍ෂාව ලබා ගැනීම සඳහා, ඔබගේ වයසට සහ ඔබගේ පුද්ගලික සෞඛ්‍යය අවශ්‍යතාවලට නිර්දේශ කල සියළුම මාත්‍රා ලබා ගත යුතුය. මෙම ආරක්‍ෂාව පවත්වා ගැනීම සඳහා බූස්ටර් මාත්‍රා වැදගත්වේ.

බූස්ටර් මාත්‍රා සෑම අයටම නොමිළේ ලබා ගත හැකිය.

බූස්ටර් මාත්‍රා සම්බන්ධ තොරතුරු ඔබගේ භාෂාවෙන් ලබාගත හැකිය.

බූස්ටර් එන්නත් මාත්‍රා

අවසාන COVID-19 බූස්ටර් මාත්‍රාව ලබාගෙන හෝ ආසාදනය ඇති බවට තහවුරුවී මාස 6 ක හෝ ඊට වැඩිනම් (වඩාත්ම කලින්සිදුවූ දේ) සියළුම වැඩිහිටියන් විසින් COVID-19 හේතුවෙන් දරුණු ලෙස රෝගාතුරවීමෙන් වැඩිපුර ආරක්‍ෂාව සඳහා බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුය.

මෙය විශේෂයෙන් නිර්දේශ කරන්නේ පහත අය ඇතුළුව දරුණු ලෙස රෝගාතුරවීමේ වැඩි අවධානම ඇති අය සඳහාය:

  • වයස අවුරුදු 65 ට වැඩි සෑම දෙනාම
  • වයස අවුරුදු 18 ට වැඩි රෝග ඉත්හාසයක්, ආබාධිතබවක් හෝ සංකීර්ණ සෞඛ්‍යය අවශ්‍යතා ඇති අය.

තමාව දරුණු ලෙස රෝගාතුරවීමේ අවධානමට පත්විය හැකි රෝගී තත්වයන් ඇති වයස අවුරුදු 5 සිට 17 අතර ළමුන් සහ තරුණයන් විසින්ද සිය අවසාන මාත්‍රාව ලබාගෙන හෝ COVID-19 ආසාදනය ඇතිවී මාස 6 ක් නම් සිය ප්‍රතිශක්තිකරණ සපයන්නා විසින් සිදු කරන ලද ඇගයීමක් මත බූස්ටර් මාත්‍රාවක් ලබාගත හැකිය.

COVID-19 දරුණු ආසාදනය සම්බන්ධ කිසිදු අවධානමක් නැති වයස අවුරුදු 18 හෝ ඊට අඩු ළමුන් සහ තරුණයන් හට මෙම අවස්ථාවේදී බූස්ටර් මාත්‍රා නිර්දේශ නොකරයි.

සියළුම එන්නත් ඕස්ට්‍රේලියාවේ භාවිතයට අනුමත කර ඇති අතර COVID-19 ආසාදනය හේතුවෙන් දරුණු ලෙස රෝගාතුරවීමේ දැඩි ආරක්‍ෂාව සපයයි. කෙසේවුවද, ඔමික්‍රෝන් විශේෂිත බයිවේලන්ට් එන්නත් වඩා මනාප වන්නේ බූස්ටර් මාත්‍රා සඳහාය.

ඔබගේ COVID-19 එන්නත අවසාන වශයෙන් ලබාගත් දිනය ඔබගේ COVID-19 ඩිජිටල් සහතිකයේ දැක්වේ.

සායනයක් සොයා දිනයක් වෙන්කර ගන්න

බූස්ටර් එන්නත සඳහා දිනයක් වෙන්කර ගන්නා ආකාරය

බූස්ටර් මාත්‍රාවක් හෝ වින්ටර් බූස්ටර් මාත්‍රාවක් සඳහා දිනයක් වෙන්කර ගැනීම සඳහා COVID-19 සායන සෙවුම හෝ Hey Eva’ – Easy Vaccine Accessභාවිතා කරන්න.

EVA යනු COVID-19 එන්නත් සඳහා දිනයක් වෙන්කර ගැනීමට මිනිසුන් හට උපකාර කරන නැවත දුරකථන ඇමතුමක් ලබාදෙන සේවාවකි.

ඔබට COVID-19 එන්නතක් සඳහා දිනයක් වෙන්කර ගැනීමට උපකාර අවශ්‍ය නම්, 0481 611 382 වෙත 'Hey EVA' කියා SMS පණිවුඩයක් යවන්න. ජාතික කොරෝනා වයිරස් උපකාරක මාර්ගයේ පළපුරුදු නියෝජිතයෙකු ඔබට දුරකථනයෙන් අමතා ඔබගේ COVID-19 එන්නත සඳහා දිනයක් වෙන්කර ගැනීමට උපකාර කරනු ඇත.

නේවාසික වැඩිහිටි නිවාස සඳහාවූ බූස්ටර් මාත්‍රා වැඩසටහන

නේවාසික වැඩිහිටි නිවාසවල බූස්ටර් මාත්‍රා වැඩසටහනක් ක්‍රියාත්මකවේ. නේවාසික වැඩිහිටි නිවාසවල සිටින අය සඳහාවූ COVID-19 බූස්ටර් මාත්‍රා වැඩසටහන සම්බන්ධ වැඩිදුර තොරතුරු කියවන්න.

ආබාධිතව ජීවත්වන අය සඳහා බූස්ටර් මාත්‍රා වැඩසටහන

බෙදාහදාගත් නේවාසික වාසස්ථානවල සිටින ආබාධිතව ජීවත්වන අය සඳහා බූස්ටර් මාත්‍රා වැඩසටහනක් දියත් කර ඇත. බෙදාහදාගත් නේවාසික වාසස්ථානවල සිටින ආබාධිතව ජීවත්වන අය සඳහා COVID-19 බූස්ටර් එන්නත් මාත්‍රා වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්න.

COVID-19 බූස්ටර් මාත්‍රාවල ආරක්‍ෂාව

බූස්ටර් මාත්‍රාවෙන් පසු ඇතිවන බහුල, අඩු අතුරු ආබාධ පළමුවන මාත්‍රා 2 න් පසු ඇතිවන අතුරු ආබාධවලට සමානය.

COVID-19 එන්නත් ආරක්‍ෂාව සහ අතුරු ආබාධ සම්බන්ධ වැඩිදුර තොරතුරු බලන්න.

Last updated:

Help us improve health.gov.au

If you would like a response please use the enquiries form instead.