COVID-19 සහ සංචාරය කිරීම

ආරක්ෂිතව සිටීම සඳහා සංචාරක අවශ්‍යතා සහ පියවර ගැන සොයා දැන ගන්න.

ඕස්ට්‍රේලියාව ඇතුළ දේශීයව සංචාරය කිරීම

පහත ස්ථාන වෙත සිදු කෙරෙන සංචාර පිළිබඳ තොරතුරු සඳහා දේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවල වෙබ් අඩවි පරීක්ෂා කරන්න:

විදේශ රටවලට සිදු කරන සංචාර

COVID-19 මගින් ඕස්ට්‍රේලියාවේ මෙන්ම විදේශ රටවලද අඛණ්ඩව සෞඛ්‍ය අවදානම් ඇති කරවයි. විදේශ රටවල සංචාරය කරන විට මුහුණු ආවරණයක් පැළඳීම සහ එන්නත් ලබා ගෙන සිටීම අපි දැඩි ලෙස නිර්දේශ කරමු. ඔබ විසින් යහපත් කහින පුරුදු සහ දෑත්වල පිරිසිදුභාවය පිළිබඳ පුරුදු පිළිපැදීම, සහ හැකි අවස්ථාවන්හිදී අන් අයගෙන් ශාරීරික දුරස්තභාවය තබා ගැනීම සිදු කළ යුතුය.

සමහර රටවල, ගුවන් යානා සහ යාත්‍රා ක්‍රියාකරුවන් විසින් COVID-19 සංචාරක නියමයන් ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබේ. මීට ඔබේ ගුවන්යානයට හෝ යාත්‍රාවට නැගීමට පෙර සිදු කරන පරීක්ෂාවන්හිදී පිටත් වීමට පෙර පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වීමේ අවශ්‍යතාව මීට ඇතුළත් වේ. පහත අවස්ථාවන් දෙක සඳහාම වන ඇතුළු වීමේ අවශ්‍යතා පරීක්ෂා කරන්න:

  • ඔබ සංචාරය කරන රට, හෝ සංක්‍රාන්ත වන රටේදී

  • ගුවන්යානා හෝ යාත්‍රා ක්‍රියාකරු‌ගේ අවශ්‍යතා.

තොරතුරු මූලාශ්‍ර:

ආපසු සියරට බලා එන ඕස්ට්‍රේලියානු ජාතිකයින්

ඕස්ට්‍රේලියානු දේශසීමා විවෘත කර ඇති අතර, පහත ආකාරයේ කිසිදු අවශ්‍යතාවයක් Australian Government විසින් නියම නොකරයි:

  • ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී COVID-19 ඍණාත්මක බවට සනාථ කිරීමක් පෙන්වීමට
  • COVID-19 එන්නත ලබාගත් බවට වන සනාථ කිරීම් පෙන්වීමට
  • මුහුණු ආවරණයක් පැළඳීම දිරිමත් කරන නමුත්, මුහුණු ආවරණයක් පැළඳ සිටිය යුතු බවට.

සංචාරක රක්ෂණය

ඔබ විදේශ රටකදී COVID-19 හේතුවෙන් රෝගී වුවහොත් සංචාරක රක්ෂණයක් ලබා තිබීම වැදගත් වේ. ඔබේ රක්ෂණයේ පහත දේවල් ඇතුළත්ව තිබීම වැදගත්ය:

  • සංක්‍රාන්ති ගමනාන්ත
  • COVID-19 සඳහා වන අන්තර්ගතයන්
  • යාත්‍රාව හා අදාළ රක්ෂණය වැනි අනෙකුත් එකතු කළ යුතු දේවල්.

සමහර ගමනාන්තවලට ඇතුළු වීමේ කොන්දේසියක් ලෙස සංචාරක රක්ෂණයක් තබා ගැනීම අවශ්‍ය වේ.

යාත්‍රාවේ සංචාරය

ඔබේ නැව සහ ගමනාන්තය සඳහා ඔබේ යාත්‍රාව සපයන්නා වෙතින් පරීක්ෂා කරන්න.

එන්නත්කරණය

සංචාරකයින් නාවුක යාත්‍රාවකට නැගීමට පෙර එන්නත් ලබා ගෙන සිටිය යුතු බවට Australian Government කිසිදු නියමයක් පනවා නොමැත. කෙසේවෙතත්, අප නිර්දේශ කරනුයේ:

  • COVID-19 එන්නත ලබා ගන්නා ලෙස, මන්ද ඔබ එන්නත ලබා ගෙන නොමැති නම් ඔබ COVID-19 හේතුවෙන් ඔබට දැඩි ලෙස රෝගී වීමේ ඉහළ අවදානමක් තිබෙන බැවිනි
  • ඔබ එන්නත ලබා ගෙන නොමැති නම් ඔබ යාත්‍රාවෙන් ගමන් කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙසත්ය.

යාත්‍රාවක් තුළදී රෝගය පැතිරීම

නාවුක යාත්‍රාවල ගමන් කරන විට අනෙකුත් වර්ගවල සංචාරවලට වඩා රෝගය පැතිර යාමේ ඉහළ අවදානමක් තිබේ. COVID-19, ඉන්ෆ්ලුවන්සා, සහ අනෙකුත් වර්ගවල බෝවෙන රෝග සමීප නිවහන්වල ජීවත් වන සහ සමාජානුයෝජනය වන පුද්ගලයන් අතර පහසුවෙන් බෝවේ.

යාත්‍රාවක් තුළ හදිසි COVID-19 ව්‍යාප්ත වීමක් සිදු වුවහොත්, ඔබ විසින් පහත පරිදි කටයුතු කළ යුතුය:

  • නැව තුළ නිරෝධායනය වන්න
  • නැවෙන් ගොඩබැස ඔබ සිටින ‌ප්‍රාන්තයේ, ටෙරිටරියේ හෝ රටේ දේශීය නීති රීති අනුව කටයුතු කරන්න.

ඔබ සංචාරය කිරීමට පෙර, යාත්‍රාව මත ස්මාට්ට්‍රැවලර් උපදෙස් පරීක්ෂා කරන්න. සිය COVID-19 ආරක්ෂණ ප්‍රොටෝකෝල සම්බන්ධයෙන් වන නිශ්චිත තොරතුරු සඳහා ඔබේ සංචාරක නියෝජිත හෝ යාත්‍රාවේ ක්‍රියාකරු හා සම්බන්ධ වන්න‍‍‍. 

ඕස්ට්‍රේලියාවේ නාවුක ගමන් සඳහා උපකාරී වන මෙහෙයුම් සෞඛ්‍ය ප්‍රොටොකෝල් සංවර්ධනය කිරීම සහ යාවත්කාලීන කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි රාජ්‍යයන් විසින් සිදු කරයි.

නාවුක යාත්‍රා කර්මාන්ත ප්‍රොටොකෝල් නාවුක යාත්‍රාවල COVID-19 සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කිරීමට කටයුතු කරයි, ඊට පහත දේවල් ඇතුළත් වේ: 

  • මගීන් සඳහා වන එන්නත්කරණ අවශ්‍යතා
  • බෝවීම් කළමනාකරණ සැලසුම්
  • COVID-19 ආරක්ෂණ සැලසුම්.

ඕස්ට්‍රේලියාව වෙත පැමිණෙන අන්තර්ජාතික සංචාරකයින් 

ඕස්ට්‍රේලියානු දේශසීමා විවෘත කර ඇති අතර, පහත ආකාරයේ කිසිදු අවශ්‍යතාවයක් Australian Government විසින් නියම නොකරයි:

  • ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී COVID-19 ඍණාත්මක බවට සනාථ කිරීමක් පෙන්වීමට
  • COVID-19 එන්නත ලබාගත් බවට වන සනාථ කිරීම් පෙන්වීමට
  • මුහුණු ආවරණයක් පැළඳීම දිරිමත් කරන නමුත්, මුහුණු ආවරණයක් පැළඳ සිටිය යුතු බවට.

ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සහ පිටවීම ගැන වැඩිදුර කරුණු දැනගන්න.

Date last updated:

Help us improve health.gov.au

If you would like a response please use the enquiries form instead.