කොරෝනා වෛරසය ගැන (COVID-19)

ඔබට නවතම සිද්ධි ගණන ගැන දැන ගැනීමට හැකි ස්ථානය වන COVID-19 ගැන ඉගෙන ගන්න.

COVID-19 යනු කොරෝනා ‌වෛරසය, SARS-CoV-2 මගින් ඇති වන රෝගයයි.

COVID-19 ප්‍රභේද අඛණ්ඩව මතු වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අදාළ සහ සැලකිය යුතු ප්‍රභේද ගැන සොයා බැලීමේ වගකීම දරයි

ඕස්ට්‍රේලියාවේ අදාළ ප්‍රභේද ගැන කරුණු දැනගන්න. 

වත්මන් තත්ත්වය

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් 2020 මාර්තු මස 11 දින නව කොරෝනා වෛරසය (COVID-19) ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

COVID-19 ගෝලීය වසංගතය පිළිබඳ ප්‍රකාශනය තවමත් සක්‍රීයව තිබේ.

ගෝලීය වසංගතය ගැනත් අපි එය කළමනාකරණය කර ගන්නා ආකාරය ගැනත් ඉගෙන ගන්න.

රෝග ලක්ෂණ

COVID-19 යනු කොරෝනා ‌වෛරසය, SARS-CoV-2 මගින් ඇති වන රෝගයකි.

COVID-19 රෝග ලක්ෂණ සාමාන්‍ය තත්ත්වයේ සිට බරපතළ තත්ත්වය දක්වා ‌පරාසයක් තුළ වෙනස් විය හැකිය.

සමහර පුද්ගලයින් පහසුවෙන් සුවපත් වන අතර තවත් අය දැඩි ලෙස රෝගාතුර වේ. ඔබ COVID-19 සඳහා ධනාත්මක වුවහොත් ඔබට පහත රෝග ලක්ෂණ ඇති විය හැකිය:

  • උණ
  • කැස්ස
  • උගුරේ වේදනාව
  • හුස්ම ගැනීමේ අපහසුව.

වැඩි විස්තර සඳහා, COVID-19 රෝග ලක්ෂණ හඳුනාගැනීම සම්බන්ධයෙන් වන අපගේ ‌තොරතුරු පත්‍රිකාව කියවන්න.

සමහර පුද්ගලයින්හට කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවන නමුත් (රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන) තවත් පුද්ගලයින්හට වෛරසය සම්ප්‍රේෂණය කළ හැකිය.

දිගුකාලීන බලපෑම්

COVID-19 සඳහා ධනාත්මක වන බොහෝ පුද්ගලයින් සම්පූර්ණයෙන්ම සුව වන නමුත්, සමහර පුද්ගලයින්ට දිගුකාලීන COVID ඇති වේ.

දීර්ඝ කාලීන COVID හි රෝග ලක්ෂණ COVID-19 හි රෝග ලක්ෂණවලට වඩා වෙනස්ය. ඔබට පහත රෝග ලක්ෂණ ඇති විය හැකිය:

  • අධික වෙහෙස (මහන්සිය)
  • හුස්ම ගැනීමේ අපහසුව, අධික හෘද ස්පන්දනය, පපුවේ ‌කැක්කුම හෝ පපුව සිරවීම
  • මතකය සහ අවධානය යොමු කිරීම පිළිබඳ ගැටළු
  • රසය හා සුවඳ පිළිබඳ වෙනස්කම්
  • හන්දි සහ මාංශපේශි වේදනාව.

සමහර විට මෙම රෝග ලක්ෂණ සති ගණනක් හෝ මාස ගණනක් තිස්සේ පැවතිය හැකිය.

දීර්ඝ කාලීන COVID පිළිබඳව තවත් දේවල් දැන ගන්න.

Date last updated:

Help us improve health.gov.au

If you would like a response please use the enquiries form instead.